fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විවිධ පොරොන්දු දුන් බොහෝ නායකයින් ජයග්‍රහණයෙන් පසු ඌව පළාත අමතක කළා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 17:58

විවිධ පොරොන්දු දුන් බොහෝ නායකයින් ජයග්‍රහණයෙන් පසු ඌව පළාත අමතක කළා

මැතිවරණවලදී විවිධ පොරොන්දු දුන් බොහෝ නායකයින් ජයග්‍රහණයෙන් පසු ඌව පළාත අමතක කළ බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

මොනරාගල ප්‍රදේශයේ වැව් කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මොනරාගල මහගොඩයාය, කරම්බඩතිසාහාමි සහ ඇදහැමේ යන වැව් මෙසේ ප්‍රතිසංස්කරණය කෙරෙනවා. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 183ක්. තිසාහාමි වැව ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්‍ෂ 60 ක් වෙන්කර ඇති අතර ඇදහැමේ වැව ප්‍රතිසංස්කරණය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 65ක්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්