ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලිය තාවකාලිකව නතර කිරිමට බලධාරින් තීරණය කලා. ඉන්දියාව සහ පාකිස්ථානය අතරයි එය පැවැත්වීමට නියමිතව තිබුණේ. ඒ පාකිස්ථානයේදී.
ආරක්ෂාව ඇතුලු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් තීරණයට එලඹ තිබෙනවා. මීට පෙර පැවති සාකච්ඡාවේදී මේ සදහා සහභාගී වන බවයි ඉන්දීය ටෙනිස් කන්ඩායම සදහන් කළේ. කෙසේවෙතත් තරගය පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව දෙරටේ නියෝජිතයන් ප්රකාශ කළා.