ඇමෙරිකාව සමග රජය එළඹ ඇති ගිවිසුම් දෙකක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
ප්‍රජාතාන්ත්‍රික යහ පාලනය සහ සමාජ ඒකාබද්ධතාව උදෙසා වූ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන සහ තිරසර සහ ආවරණික ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ප්‍රදානයන් ලබාගැනීම සදහා 2011 වසරේදී මෙම ගිවිසුම් අත්සන්කර තිබුණා.
මෙම වැඩසටහන් සදහා ලබාදෙන මූල්‍ය දායකත්වය වැඩිකරමින්, වැඩසටහන් අවසන් කිරීමේ දිනය දීර්ඝ කරමින් සහ නවීන බලශක්ති සේවා යන්න ඊට ඇතුළත් කරමිනුයි මෙම ගිවිසුම් සංශෝධනය කෙරෙන්නේ.