සියලු අභියෝග ජය ගැනීමට රට ණය බරින් නිදහස් කර ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම වගකීම ඉටු කිරීමට රජය කැපවී සිටින බවයි ඔරුගොඩවත්ත කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.
ඔරුගොඩවත්ත, කොරියා ශ්‍රී ලංකා තාක්ෂණ පුහුණු ආයතනය ඉදිකෙරුණේ ශ්‍රී ලංකා රජයේ හා කොරියාවේ එක්සිම් බැංකුවේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි. ඒ සදහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2900 ක්. දේශන ශාලා, සම්මන්ත්රණ ශාලා ශ්‍රවණාගාර, පුස්තකාල, නවාතැන් පහසුකම්, ආපන ශාලා ඇතුළු සියලු පහසුකම් වලින් එය සමන්විතයි. එමෙන්ම නවීන විද්‍යාගාර, පරිගණක හා භාෂා විද්‍යාගාර ද මීට ඇතුළත්. නවීන තාක්ෂණයෙන් යුත් නව ලොවට ගැලපෙන පාඨමාලා රැසක් එහි පැවැත්වෙන අතර පාඨමාලා අවසන් කරන සිසුන්ට එන්වීකිව් 5 සහ 6 ජාතික මට්ටමේ ඩිප්ලෝමා සහතිකයක් නිකුත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙම වෘත්තීය පුහුණු ආයතනය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/H-aW_0-jSlk”]