පාසල් විභාග පිළිතුරුපත් ඇගයීමේ ක්‍රියාවලිය තුළින් කිසිඳු අපේක්ෂකයෙකුට අගතියක් සිදුවන්නේ නැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරනවා.
අපොස උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු සම්බන්ධයෙන් ප්‍රචාරය වන ඇතැම් කරුණු අසත්‍ය බවයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ. විද්‍යාත්මක පදනමක සිට ඇගයීම් කටයුතු මෙහෙයවීමට දරන වෑයම තුළ කිසිදු විභාග අපේක්ෂකයෙකුට අගතියක් සිදු නොවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙනවා.