පුත්තලම් දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය සදහා රුපියල් කෝටි දහයක මුදලක් වෙන්කර තිබෙනවා.
වයඹ පළාත තුළ ඇති රජමහා විහාරස්ථාන සියල්ල පූජා භූමි බවට පත්කිරීමේ වැඩසටහන යටතේ එම විහාරස්ථාන පූර්ණ සංවර්ධනයකට ලක් කිරීම සිදුවනවා. බුද්ධශාසන අමාත්‍යාංශයේ වයඹ සංවර්ධන අධීක්ෂණ මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සංවර්ධනය සිදුවන්නේ එම වැඩපිළිවෙළට අනුවයි.
සංවර්ධන කටයුතු සදහා තෝරාගත් විහාරස්ථාන වෙත ඊට අදාළ ලිපි භාරදීම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. ප්‍රදේශයේ විහාරස්ථාන 367 ක සංවර්ධන කටයුතු සිදුකිරීම රජයේ අරමුණයි.