fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 96කට පසු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 09:30

වසර 96කට පසු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මාධ්‍යයට විවෘත වෙයි

වසර 96කට පසු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභවේ රැස්වීම මාධ්‍යයට විවෘත කිරීමට අද (21) පියවර ගන්නා බව පාර්ලිමේන්තුව පවසයි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීම් මාධ්‍ය වෙත විවෘත කිරීමේ අවස්ථවාට කතානායක කරූ ජයසූරිය මහත, එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුළු නිලධාරිහු සහභාගී වීමට නියමිතය.

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු ද පසුගිය 09 දින ජනමාධ්‍ය වෙත විවෘත කිරීම සිදු කළේ ය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මුලින් ම ආරම්භ වූයේ 1923 ඔක්තෝබර් 17 දිනය ඉන් වසර 96කට පසුව එහි කටයුතු මාධ්‍ය වෙත විවෘතවන්නේ පළමු වරටය.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2019 09:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්