ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩෙන්මාර්කයේ සංචාරය අවලංගු කර තිබෙනවා. ඒ ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයා ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින්.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන මස දෙවන දා ඩෙන්මාර්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබුණා. ඒ ඩෙන්මාර්ක් රැජිනගේ ආරාධනයකට අනුවයි. එහෙත් ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වා තිබුණා.
ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා සදහන් කර තිබුණේ ග්‍රීන්ලන්තය මුදලට ගැනීමට සූදානම් බවයි. එම ප්‍රකාශයට ඩෙන්මාර්ක් අග්‍රාමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් සදහන් කර තිබුණේ එසේ මිලදී ගැනීමට ග්‍රීන්ලන්තය භාණ්ඩයක් නොවන බවයි. මෙම මත ගැටුම හේතුවෙන් ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ඩෙන්මාර්ක් සංචාරය අවලංගු කෙරුණා.