fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයට පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 18:25

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයට පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙළක්

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පුන්‍යෝත්සවය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය ලබන 25 වනදා දක්වා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

බෙල්ලන්විල ඇසළ පුන්‍යෝත්සවය චාරිත්‍රානුකූලව ධර්ම දේශනාවලින් ආරම්භ කර සතියක කාලයක් ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනා පැවැත්වීම සිදුවනවා. ඉන් අනතුරුව දේව දූත පෙරහර, දොරකඩ අස්න, කුඹල්, මල්, පාවඩ, රන් සිවිලි යන පෙරහර පැවැත්වීමෙන් පසුවයි අවසන් රන්දෝලි මහා පෙරහර පැවැත්වෙන්නේ. එය මෙවර පැවැත්වෙන්නේ ලබන 23 වනදායි.

24 වන දින පැවැත්වෙන දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දේව දාන පුන්‍යකර්මය පවත්වා පුන්‍යෝත්සවයේ කටයුතු අවසන් කිරීම සිදුවනවා. පුන්‍යෝත්සවයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර පූර්ණ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බවයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 18:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්