හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා හමු විය.
හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිතුමා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත විය.
හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.