ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දු පාකිස්ථාන අග්‍රාමාත්‍යවරුන් සමග දුරකථන සාකච්ඡාවල නිරතවූ බව ධවල මන්දිර වාර්තා පවසනවා.
කාශ්මීර ගැටලුව විසදීමට ඔවුන්ගේ ඍජු මැදිහත්වීමක් අවශ්‍ය බවයි ට්‍රම්ප් එහිදී පෙන්වා දී තිබෙන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙන්ම පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තමාගේ හොද මිතුරන් බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ.
වෙළෙද සහ උපායමාර්ගික වශයෙන් හවුල්කාරිත්වයකින් කටයුතු කිරිම දෙරටටම වැදගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ට සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.