fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකිල ධනංජයගේ ඉරියව්ව ගැන යළි සැකයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 12:02

අකිල ධනංජයගේ ඉරියව්ව ගැන යළි සැකයක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රිඩක අකිල ධනංජයගේ පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට යළි චෝදනා එල්ල වී තිබෙනවා. ඒ නවසිලන්තය සමඟ නිමා  වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි.

අකිල ධනංජයට අමතරව නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවිමේ ඉරියව්ව ද සැක සහිත බවට චෝදනා එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ. ඒ අනුව ඔවුන් දෙදෙනාට දින 14ක් තුළදී පන්දු යැවිමේ ඉරියව්ව පිළිබඳ පරික්ෂණයකට මුහුණ දීමට සිදු වනු ඇති. මීට පෙර අකිල ධනංජයට මෙම චෝදනාව එලල වූ අතර පසුව ඔහුට පන්දු යැවිමේ තහනමක්ද පනවා තිබුණා. ඔහු යළි සිය ඉරියව්ව සකස් කර ගනමින් සිදු කළ පරික්ෂණයෙන් සමත් වූ පසුව නවසීලන්ත තරගයට එක්කර ගැනුනා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 12:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo