වව්නියාවේ දී තරුණියක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් 11 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා.
වසර තුනකට පමණ පෙර එම තරුණිය ඇතුළු පවුලේ සාමාජිකයන් කාංචනමොටෙයි ප්රදේශයේ පදිංචිව තිබෙනවා. වෑන් රථයකින් හා ත්රිරෝද රථ දෙකකින් පැමිණි පිරිසක් ඇය පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය පවසන්නේ.