fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරෂුටය සෙබලෙකුට දිවි අහිමි කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 12:20

පැරෂුටය සෙබලෙකුට දිවි අහිමි කරයි

අම්පාර උහන හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා විශේෂ බලකායේ සෙබලෙකු හදිසියේ ඇඳ වැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. පැරෂුටය නිසි වේලාවට ක්‍රියාත්මක නොවීම අනතුරට හේතුව බවයි පැවසෙන්නේ.

අද පෙරවරුවේයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවක මෙම හමුදා සෙබලා නිරතව සිට තිබෙනවා. පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ඔහු ඇද වැටුනු බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර්  සුමිත් අතපත්තු මහතා පවසන්නේ. නිදහස් ආර අඩි දසදහසේ පැරෂුට් පුහුණුවේ නිරතව තිබෙනවා. එමෙන්ම ලබන මාසයේ ආරම්භ වන දියකාවා යුද මෙහෙයුම් අභ්‍යාසය සඳහා ඔහු පුහුණුවෙමින් සිට තිබෙනවා. මාතර පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි එච්.කේ.සී කුමාරසිංහ යනුවෙන් හදුන්වන මෙම බලලත් නිලධාරීවරයා වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ පැරෂුට් කරූ යනුවෙනුයි.  බරපතල තුවාල ලැබූ හමුදා සෙබලා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo