fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 10:03

මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක්

ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ ආචාර ධර්ම පදධතිය ඔහු උල්ලංඝනය කිරිම ඊට හේතුවයි.

ෂෙසාඩ් අවස්ථා කිහිපකදීම එරට ක්‍රිකට් ආයතනය දැනුවත් නොකර විදෙස්ගතව තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ නීතිරීතිවලට අනුව ක්‍රිඩකයෙකු විදෙස් ගත වන්නේ නම් අනිවාර්යෙන්ම ක්‍රිකට් ආයතනය දැනුවත් කිරිම සිදු වනවා.  ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අතුරතුරදී මොහොමඩ්  ෂෙසාඩ් යලි සිය රටට එවිමට එරට බලධාරින් කටයුතු කළා. ඒ අබාද තත්ත්වයකට ගොදුරු වී ඇති බව සදහන් කරමින්. කෙසේ වෙතත් මොහොමඩ් ෂෙසාඩ් පසුව කියා සිටියේ තමා සම්පුර්ණයෙන් සූවය ලබා සිටියදී ලෝක කුසලානයෙන් තමාව ඉවත් කිරිමට පියවර ගත් බවයි. නමුත් එම චෝදනාව පසුව එරට ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2019 10:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්