fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඖෂධ සංගම්වලට රෝගීන් සූරාකෑමේ අවස්ථාව නවතා දැමූ බව ඇමති රාජිත කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 18:42

ඖෂධ සංගම්වලට රෝගීන් සූරාකෑමේ අවස්ථාව නවතා දැමූ බව ඇමති රාජිත කියයි

ඖෂධ හිඟ බවට චෝදනා නගන ඇතැම් වෛද්‍ය සංගම් ඖෂධ මිල අධික මට්ටමක පැවති කාලයේ හෝ ඖෂධ ලබා නොදෙන කාලයේ ඒ පිළිබඳ කතා නොකළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

මතුගම වෑත්තෑව දිසා රෝහලේ බාහිර රෝගී අංශය , හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුලු වාට්ටු සංකීර්ණ හා සායන ගොඩනැගිලි ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඖෂධ සංගම්වලට රෝගීන් සූරා කෑමේ අවස්ථාව තමන් නවතා ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. ඖෂධ වර්ග 73 ක මිල අඩු කිරීමට සිය ධුර කාලය තුළදී හැකි වූ බව ද ඒ මහතා කියාසිටියා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදී පවතින වියදම් සීමා සම්පූර්ණයෙන් ඉවත් කළ බව ද රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්