එළඹෙන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. එම මැතිවරණය ජයග්‍රහණය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජයග්‍රහණය සඳහා නව සන්ධානයක් පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව ද අග්‍රාමාත්‍යවරයා කියාසිටියා. අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා.
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද ආරම්භ වුණා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මේ වසර සඳහා ක්‍රියාත්මක කළ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන හා එහි ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා. කළුතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්වල ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන්ට සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙහිදී පිරිනැමුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන් සමඟ සුහද කතාබහකද නිරත වුණා.