EXPO 2020 ප්‍රදර්ශනය අපේ රට ලෝකයට ගෙන යාමට හොද අවස්ථාවක්
Related Articles
ඩුබායි හි පැවැත්වෙන එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය අපේ රට ලෝකයට ගෙන යාමට හොද අවස්ථාවක් බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා.
ලබන වසරේ ඔක්තෝම්බර් 20 වනදා සිට 2021 අප්‍රේල් 10 වනදා දක්වා එම ප්‍රදර්ශනය ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙරට වෙළෙද, සංචාරක හා ආයෝජන යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි එහිදී හෙළි කෙරුණේ.
හෙක්ටාර් 438ක භූමි ප්‍රදේශයක් පුරා ප්‍රදර්ශන කුටි පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. රටවල් 192කට ආසන්න ප්‍රමාණයක් ඊට සහභාගී වීමට නියමිතයි.