මිලිටරි ආරක්ෂාවෙන් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මාතලේ ඊරියගොල්ල ශ්‍රීමත් ඇලික් අලුවිහාරේගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවන යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 257 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 23 කින් සමන්විත ශ්‍රීමත් ඇලික් අලුවිහාරේගම උදා ගම්මානය ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 306 ක්. නිවාසලාභීන් සඳහා හිමිකම් පත් ප්රදානය අඩු ආදායම්ලාභී පවුල් 24 කට විසිරි නිවාස ණය පිරිනැමීම මෙන්ම වකුගඩු රෝගීන් සඳහා නිවාස ආධාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් හතළිස් දෙනෙකුට ඇස් කණ්ණාඩි ප්රදානය කිරිමද සිදු කෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=B24mLgsOhPA&feature=youtu.be&fbclid=IwAR1BK-NR3yI4mm-K6mgYWCFwwviy38mw36jACieCMBuJ2YCfsbnZGHCvyfc”]