මොහොමඩ් සහරාන්ගේ තවත් ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ ක්රියාකාරී සාමාජිකයන් දෙදෙනෙකු අද (19) අත්අඩංගුවට ගැනුණේ රාජ්ය බුද්ධි සේවාව මගින් හෙළිකර ගත් තොරතුරුවලට අනුවයි. ත්රස්ත නායක මොහොමඩ් සහරාන් යටතේ මොවුන් දෙදෙනාද නුවරඑලිය කදවුරේදී පුහුණුව ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙසේ අත්අඩංගුවට ගත් එක් අයෙකු මහනුවර ගෙලිඔය ප්රදේශයේ පදිංචි මොහම්මදු සාහීර් මුහම්මදු අහ්සන් නමැති අයයි. ඔහු විසි දෙහැවිරිදි වියෙහි පසුවනවා. ත්රස්ත සංවිධානය මොහු හදුන්වා ඇත්තේ අබු අමාරා යන අන්වර්ථ නාමයෙන්.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු ගාල්ල ප්ර දේශයේ පදිංචි මොහම්මදු අවුතාත් අනිස් මොහොමඩ් නමැත්තෙක්. 24 හැවිරිදි ඔහු සිවිල් ඉංජිනේරුවරයකු වන ඔහුට සංවිධානය මගින් ලබාදී ඇති නම වන්නේ අබු සුබේහිර් යන්නයි. ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නවුෆර් මව්ලවි සමඟ ප්රචාරන කටයුතුවලට සහ පිරිස බදවා ගැනීමට මොහු දායක වී ඇති බවයි පොලීසිය පවසන්නේ.
අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ගයන්ත මාරපන මහතාගේ උපදෙස් මත අම්පාර පොලීසියේ නිලධාරීන් වැටලීම් සිදු කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/evQ1_xHZOFQ”]