බදුල්ල මහරෝහලේ භාවිතයෙන් පසු ඉවත් කරන ඖෂධ කුප්පි ගබඩා කිරීම සහ ඉවත් කිරීමේ ක්‍රමවේදය පිලිගත් සම්මතනයන්ට අනුකූලව සිදු කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
බදුල්ල මහරෝහලේ පිලිකා ඖෂධ හිස් කුප්පි බැහැර කිරීම පිළිබඳ ප්‍රචාරය වන කරුණු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පලකළා. එම හිස් ඖෂධ කුප්පි ගබඩා කිරීම රෝහලේ අපහරණ ගබඩාවෙහි සම්මත ක්‍රමවේදයන්ට අනුව සිදු කෙරෙන බවද මධ්‍යම පරිසර අධිකාරියෝ නියෝජිතයන් මේ පිළිබඳ නිරීක්ෂණය කර ගබඩාවේ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.