විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් සංශෝධිත ප්‍රතිඵල ලේඛණ නිකුත් කළ පසු සීමාවාසික වෛද්‍ය අයදුම්පත් කැඳවීම නැවත ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මේ වන විට නිකුත් කර ඇති විශිෂ්ඨ සාමාර්ථ ලාභීන්ගේ ලැයිස්තුවේ යම් සංශෝධනයක් සිදු විය යුතු බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. යාපනය විශ්වවිද්‍යාලයේ අවසන් ප්‍රතිඵල ලේඛණයට තොරතුරු ඇතුලත් කිරීමේදී සිදුව ඇති ප්‍රමාද දෝෂයක් ඊට හේතුවී තිබෙනවා. 2011 සහ 2012 වසර වල සිසුන්ගේ අවස්න ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ. අදාළ ප්‍රමාද දෝෂ නිවැරදි කළ පසු මේ වන විට කල් තබා ඇති සිමාවාසික වෛද්‍ය අයදුම්පත් කැදවීම ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළා.