2030ට ගැලපෙන නව අධ්‍යාපන ක්‍රමයක් දැයට දායාද කිරීම තම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැඩ දහසක් ගමට හෙටක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
ළගම පාසල හොදම පාසල ව්‍යාපෘතිය යටතේ කුරුනෑගල ඇතුගල්පුර කුමර විද්‍යාලයේ ශ්‍රවනාගාරය සහිත සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ළගම පාසල හොදම පාසල යටතේ ඉදිකළ කුරුනෑගල දිගම්පිටිය ශ්‍රී පියරතන විද්‍යාලයේ කණිෂ්ඨ ද්විතීක විද්‍යාගාරය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මේ සඳහා වැය කළ මුදල ලක්ෂ 176 ක්. ගණිතාගාරයක්,විද්‍යාගාරයක් ,තොතුරු තාක්ෂණ විද්යාගායක් , පුස්තකාලයකින් මෙම කණිෂ්ඨ ද්විතීක විද්‍යාගාරය සමන්විතයි.
එම විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී අදහස් පලකළ අග්‍රාමාත්‍යවරයා,
[ot-video type=”youtube” url=”https://youtu.be/d4BtTQtEFlg”]
කුරුණෑගල දිස්ත්‍රික්කයේ යන්තන්පලාව කසල කළමනාකරන ව්‍යාපෘතිය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ සිදු වුණා. ප්‍රදේශයේ කසල ගැටළුව කළමනාකරණය කරගනිමින් අනාගතයේදී යහපත් ප්‍රතිඵල අත්කර ගැනීම මෙහි අරමුණයි. පිරිසිදු ජනගරයන් පරිසර හිතකාමී දේශයක් යන තේමාව යටතේ මෙය ඉදිකෙරුණේ.