fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 10:38

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවති දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ලෝඩ්ස්  ක්‍රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවි ලකුණු 258ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඕස්ට්‍රේලියාව පළමු ඉනිමට ලකුනු 250ක් ලබා ගත්තා. තරගය අවසන් දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 05ක් දැවී ලකුණු 258ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. තරගය ජය ගැනිම සඳහා ලකුණු 267ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායමට තරගයේ පස්වන සහ අවසන් දිනය නිමාවන විට කඩුලු 06ක් දැවී ලකුණු 154ක් ලබා සිටියා. පන්දු යැවිමේදී දෙවන ඉනිම තුලදී ජොෆ්රා ආචර් සහ ජැක් ලීච් කඩුලු 03 බැගින් බිඳ හෙලුවා. දෙරට අතර පැවැත්වෙන පළමු තරග 05කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග එකට බින්දුවක් ලෙස තවදුරටත් පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2019 10:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්