සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
උතුර, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. උතුර, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. සෙසු පළාත්වල සවස දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.