අභියෝග රැසක් මධ්‍යයයේ දැවැන්ත සංවර්ධනයක් සිදු කළ රජයට වැඩි බලයක් සහිතව ඉදිරියේදී සීඝ්‍ර සංවර්ධනයක් සිදු කළ හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැඩදහසක් ගමට හෙටක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
කුරුනෑගල දිස්ත්‍රික්කයේ මාවතගම මැතිවරණ කොට්ඨාසයේ සිව් වසරක් තුළදී රුපියල් බිලියන 1100 ක වියදමින් ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති දහසක් ජනගත කිරීම අද සිද කෙරුණා. පානීය ජල ව්‍යාපෘති ,මාර්ග සංවර්ධන ,නිවාස සංවර්ධන වැඩකටයුතු , ආදී ව්‍යාපෘති රැසක් මාවතගම මැතිවරණ කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණා. රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතාගේ සංකල්පයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සියල්ල ක්‍රියාවට නැංවෙනු ඇති.
මාවතගම බෝයගොඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබා ගත්තා. විහාරස්ථානයේ බහුකාර්ය , සංස්කෘතික මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමට අග්‍රාමාත්‍යවරයා එක්වුණා.
ළගම පාසල හොදම පාසල ජාතික වැඩසටහන යටතේ ඉදිකළ මාවතගම පරගහදෙනිය ජාතික පාසලේ පරිපාලන ඒකකය සහිත තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල ද සිසු අයිතියට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊට වැය කළ මුදල රුපියල් කෝටි එකහමාරක්.
උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Q2DrLkNRao4&feature=youtu.be&fbclid=IwAR2j67ONv6jrQFn23oTKzY5r-rLBqBEPHkMm2HjLl0sLGRzMOVxjW5RUaU8″]
කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 ක නිලධාරීන්ට සංවර්ධන නිලධාරී රාජකාරි ගමන්මලු බෙදාදීම හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් හමිකම් ඔප්පු ප්රදානය කිරීම මීට සමගාමීව සිදු කෙරුණා. අකිල විරාජ් කාරියවසම් , වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන් ද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා.