fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථාන හමුදාව සීරුවෙන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 17:56

පාකිස්ථාන හමුදාව සීරුවෙන්

හමුදාව සීරුවෙන් බව පාකිස්ථාන හමුදා ප‍්‍රකාශක මේජර් ජනරල් අසීෆ් ගාෆූර් මහතා ප‍්‍රකාශ කළා.

ඉන්දියාවෙන් එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණදීමයි අරමුණ. කාශ්මීර අර්බුද හේතුවෙන් දෙරට අතර මතභේදාත්මක වාතාවරණය තවත් වර්ධනය වුණා. ඒ අනූව හමුදාව ඕනෑම මෙහෙයුමකට සුදානම් බවයි හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. විදේශ අමාත්‍යවරයා සමඟ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඉදිරියේ දී ගතයුතු ක‍්‍රියාමර්ග පිළිබඳව එහිදි අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයට ද කරුණු දැනුම් දුන් බවයි පාකිස්ථානය පවසන්නේ. කෙසේ වෙතත් පවතින ගැටළුකාරි වාතාවරණය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගන්නා ලෙසට ආරක්ෂක මණ්ඩලය මීට පෙර ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2019 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්