හොංකොං හි රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ යළි උත්සන්න වී තිබෙනවා.
උද්ඝෝෂණ ආරම්භවී අදට මාස 3 කට ආසන්නයි. හොංකොං හි වික්ටෝරියා උද්‍යානයට එක් වූ දහස් ගණනක් විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතව සිටිනවා. එහෙත් හොංකොං පොලීසිය සඳහන් කරන්නේ ඔවුන්ට පෙළපාලි යාම සඳහා අවසර නොමැති බවයි. දැඩි වර්ෂාව මධ්‍යයේ දහස් ගණන් විරෝධතාකරුවන් ඊට එක්ව සිටියා. උද්ඝෝෂණවලට විශ්වවිද්‍යාල සිසුන් හා ගුරුවරුන් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.