කාලගුණ විපර්යාස හේතුවෙන් විනාශ වී ගිය ග්ලැසියරයක් වෙනුවෙන් අයිස්ලන්තය අනුස්මරණ ස්මාරකයක් නිර්මාණය කර තිබෙනවා.
අයිස්ලන්තයේ බටහිර ප්‍රදේශයේ තිබූ ඕකේ නම් ග්ලැසියරය වෙනුවෙනුයි මෙම ස්මාරකය නිර්මාණය කර තිබෙන්නේ. ග්ලැසියරයක් වෙනුවෙන් ස්මාරකයක් ඉදිවන පළමු අවස්ථාව මෙයයි. එය ලෝකඩවලින් ඉදිකර තිබෙනවා. අනාගතයට ලිපියක් යන තේමාවෙන් එහි ග්ලැසියරය පිළිබඳ තොරතුරු සඳහන්. ඉදිරි වසර 200 ඇතුළත ලෝකයේ සියලු ග්ලැසියර දියවීයාමේ අවදානමක් පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.