මහා සංඝරත්නය වෙනුවෙන් ක්‍රියාත්මක බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණ හිමිකම් පත් ප්රදානය කිරීමේ උතුරු මැද පළාත් උත්සවය අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වසර 1709 ක් පැරණි ශ්‍රී දළදා පෙරහැර පිළිබඳ දෙස් විදෙස් අවධානය සඳහා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ අරමුණින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
මහා සංඝරත්නයේ සෞඛ්‍ය රැකවරණය වෙනුවෙන් බුදුපුත් සුරක්ෂා වැඩසටහන ක්‍රියාත්මකයි. හදිසි රෝහල් ගතවීම් ඇතුලු සෑම සෞඛ්‍ය ගැටලුවකදීම මේ තුළින් ප්රතිලාභ හිමිවනු ඇති. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර , උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=bqMj0ERO6BY&feature=youtu.be&fbclid=IwAR3wPDtynAvYoRlkb9__mCUfJRw-1ltgjQ9bMvlznf0M-LRET4AN8EslN0s”]