නීතිවිරෝධීව මුහුදු මාර්ග ඔස්සේ විදෙස්ගතවීමට පැමිණි බවට සැකකෙරෙන පුද්ගලයන් 12 දෙනෙකු හලාවත ඉරණවිල මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුඩා ප්රමාණයේ ලොරි රථයකින් ඔවුන් ගමන් කරමින් සිටි බවයි පොලීසිය පවසන්නේ. වාලච්චේන කල්කුඩා ප්රදේශයේ පදිංචි ඔවුන් අවුරුදු 19 ත් 43 ත් වයසේ පසුවන්නන්. මෙම ජාවාරමට සහය දුන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවයි පොලීසිය සඳහන් කළේ. මාදැල් රැකියාව සඳහා පැමිණි බව එම පිරිස ප්රකාශ කර තිබෙනවා. එහෙත් මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් මාදැල් කර්මාන්තය හලාවත සහ ඒ අවට සිදුනොවන බවයි පොලීසිය පෙන්වාදෙන්නේ.