පසුගිය වසර 4 ක කාලය තුළ ආර්ථිකයේ කඩා වැටීමකට ඉඩ නොදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වැලිපැන්න ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
රුපියල් බිලියන තුනක ආයෝජනයකින් ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අද විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරුනු මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියර යටතේ මහින්ද්‍රා KUV 100 SUV නමින් නවීන අංගෝපාංග සහිත රථයක් එකලස් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙමගින් සෘජු රැකියා අවස්ථා මෙන්ම වක්‍ර රැකියා අවස්ථා රැසක් උදාවනවා.
මෙරට එකලස් කෙරෙන මහින්ද්‍රා KUV 100 SUV රථයේ ආසන, බැටරිය ටයර් සහ එක්ස්හෝස්ට් පද්ධතිය මෙරට නිර්මාණය කෙරෙනවා. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව මගින් ඉදිරියේදී මහින්ද්‍රා විදුලි මෝටර් රථය, ඩීසල් ඩබල්කැබ් රථය, ස්කෝපියෝ ජීප් රථය මෙන්ම තවත් නිශ්පාදන රැසක් සිදු කිරීමට නියමිතයි.
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සින් සන්දු, මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා, අයිඩියල් මෝටර්ස් සභාපති නලීන් වෙල්ගම සහ නියෝජ්‍ය සභාපති අරවින්ද සිල්වා යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/iZlMEt7fO4o”]