එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානය ගොඩනැගීම සඳහා වූ තවත් සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඇතුලු මන්ත්රීවරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ගොඩනැගෙන සන්ධානය හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
සන්ධානයේ මහලේකම් ධුරය, ප්රතිපත්තිමය තීන්දු ගැනීම මෙන්ම සන්ධානය නියෝජනය කරන පාර්ශ්වයන්ට සම්බන්ධ විනය ක්රියාමාර්ග ගැනීම ආදී කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ගැනුණා.