වගා හානි වූ ගොවීන් සඳහා වන්දි පිරිනැමීමේ තවත් අදියරක් පෙරවරුවේදී අම්පාරේදී පැවැත්වෙනවා. ඒ දයා ගමගේ සහ පී හැරිසන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මාතලේ දිස්ති‍්‍රක්කයේ වගා හානි වූ ගොවි පවුල් 1046 ක් වෙනුවෙන් වගා හානි වන්දි පිරිනැමීම ලබන අඟහරුවාදා සිදුකෙරෙනවා. ඊට වෙන්කර ඇති මුදල ලක්ෂ 240 ක්.
වී, ලොකු ළුෑණු, සෝයා, බඩඉරිඟු සහ මිරිස් යන බෝග සඳහා කිසිදු රක්ෂණ මුදලක් ගෙවීමකින් තොරව අක්කරයකට රුපියල් හතළිස් දහසක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.