උතුරු සංවර්ධනයේ දැවැන්ත ඉදිරි පිම්මක් තැබීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනය දිසා ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ 2015 වසරෙන් පසු යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් රැසක් සිදුව තිබෙන බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/qBzc0Q3IafQ”]
යාපනය ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යාපනය සංවර්ධනයේ දී අනාගත අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා යාපනය ජනතාවට ජල සැපයුම ලබාදීම එහි මූලික කරුණක් බවද පෙන්වා දුන්නා. විවිධ සංස්කෘතීන්ට අයත් වුවත් ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් පෙරේදා දිනයේ අග්‍රාමාත්‍යවරයා හමුවේ තමන්ට ඇති ප්‍රශ්න කිහිපයක් පිළිබද දැනුවත් කළා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් දැනුම්දී කඩිනමින් පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබුණා.
ඊයේ (15) එම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡාවට එක්වූ අතර ගැටලු විසදා ගැනීමට හැකියාව ලැබුණු අතර අද අග්‍රාමාත්‍යවරයා හමුවූ සිසුන් තම ස්තූතිය පළකර සිටියා.