fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆැන්සි ෂැන්හයි චීන ප්‍රක්ෂේපණ ආලෝක රටා ප්‍රදර්ශනයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 15:13

ෆැන්සි ෂැන්හයි චීන ප්‍රක්ෂේපණ ආලෝක රටා ප්‍රදර්ශනයක්

ෆැන්සි ෂැන්හයි නමින් ප්‍රක්ෂේපණ ආලෝක රටා ප්‍රදර්ශනයක් චීනයේ ෂැන්හයි නුවර පැවැත්වෙනවා.

ෂැන්හයි ඔරියන්ටල් පර්ල් ගුවන්විදුලි හා රූපවාහිනී කුළුණේයි මෙම ආලෝක රටා ප්‍රදර්ශනය කෙරෙන්නේ. වර්ග මීටර 2000ක අවකාශයක් මෙමගින් ආවරණය වනවා. පසුගිය වසර 70ක කාලය තුළ ෂැන්හයි නගරය සංවර්ධනය වී ඇති  ආකාරය මෙමගින් ප්‍රදර්ශනය කෙරෙන බවයි වාර්තා වන්නේ.

ෂැන්හයි ජාත්‍යන්තර මැරතන් තරගයේ  හා සංචාරක උළෙලේ ඡායාරූප ද මීට එක්කර තිබුණා. මෙය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයින් රැසක් එක්ව සිටිනවා. සෑම ආලෝක රටාවක්ම මිනිත්තු 12ක කාලයක් රාත්‍රි කාලයේ දී  ප්‍රදර්ශනය කෙරෙන අතර මෙය මෙම මාසය පුරාම පැවැත්වීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්