fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 14:59

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම දිවයිනට

මාලදිවයින සමග පැවැති වොලිබෝල් තරගාවලිය තරග වට තුනට බින්දුවක් ලෙස ජයගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ජයග්‍රාහි ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපලෙන් අද (16) දිවයිනට පැමිණියා.

තරගාවලිය පසුගිය 11 වනදා සිට 15 වනදා දක්වා මාලදිවයිනේදී පැවැත්වුණා. අවසන් තරගය පැවැත්වුණේ මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහීම් මොහොමඩ් සොලි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මුලික තරග ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහි මානසිකත්වයකින් අවසන් තරගයට මුහුණ දුන්නා.

මෙම ජයග්‍රහණය එළඹෙන ආසියා සහ සාර්ක් වොලිබෝල් තරගාවලියට හොද අත්දැකිමක් වනු ඇති බවයි කණ්ඩායම් කළමනාකරු එල්සී ඒකනායක මහතා කියා සිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 14:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්