fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහරාන්ගේ කඳවුරුවල බාල වයස්කරුවන්ටත් පුහුණුව දීලා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 18:06

සහරාන්ගේ කඳවුරුවල බාල වයස්කරුවන්ටත් පුහුණුව දීලා

ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඩ් හෂීම්ගේ පුහුණු කඳවුරක බාල වයස්කරුවෙකු ද පුහුණු වී ඇති බවට හෙළිව තිබෙනවා. එම බාල වයස්කරු අම්පාර පොලීසියේ විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු තොරතුරු රැසක් හෙළිවුණා.

රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් ලබා දුන් තොරතුරු මත අම්පාර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් 16 හැවිරිදි මෙම බාලවයස්කරු අත්අඩංගුවට ගත්තා. ඔහු ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ දෙවනියා ලෙස කටයුතු කළ නවුෆර් මව්ලවි නමැත්තාගේ පුතෙකු වනවා.

බන්දියන්වැව අරක්යාල කැකුණගොල්ල පදිංචි මෙම බාල වයස්කාර තරුණයා සහරාන්ගේ නුවරඑළිය පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති අතර එම ත්‍රස්ත සංවිධානය මගින් ඔහුට අබු හසාම් යන අන්වර්ථ නාමය ලබා දී ඇති බවයි පරික්‍ෂණවලදී හෙළිව තිබෙන්නේ. ඔහුට පළමු පුහුණුවෙන් පසු විශේෂ පුහුණුවක් ද ලබා දී ඇති බව පැවසෙනවා.

මේ අතර මෙම ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් කොටුකර ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්‍ෂක අංශ සඳහන් කළා. ඊයේ දිනයේ ද ජාතික තවුහිද් ජමාද් සහ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් යන සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස කටයුතු කළ තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 18:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්