fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 13:58

97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකා මළල ක්‍රිඩා සංගමය සංවිධාන කරන 97 වන ජාතික මළල ක්‍රිඩා තරගාවලිය සුගතදාස ක්‍රිඩාංගනයේදී අද (16) ආරම්භ වුණා.

තරගාවලිය දින තුනක් පුරා පැවැත්වෙනවා.  එහි කාන්තා උස පැනිමේ  තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනිමට දුලංජලී රණසිංහ සමත් වුනා. ඇය දැක්වු දක්ෂතාව මිටර් එකයි දශම හතයි පහක්. මිටර් එකයි දශම හයයි නවයක් සටහන් කළ එස් එම් එම් මධුෂාණි දෙවන ස්ථානය හිමි කර ගත්තා. ටි අයි නෙත්මි ඉෂාර පල්ලේගමට තුන්වන ස්ථානය හිමි වුණා. ඇයගේ දක්ෂතාව සටහන් වුයේ මීටර් එකයි දශම හයයි පහක් ලෙසයි.

මෙහිදි දක්ෂතා දක්වන ක්‍රිඩකයින්  නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියා ක්‍රිඩා උළලේ සදහා සුදුසුකම් ලබනු ඇති.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 13:58

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්