ඔස්ටේ්රලියාවෙන් පිටුවහල් කළ ශ්රී්ර ලාංකිකයන් 13 දෙනෙකු අද (16) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියා.
ඒ , කටුනායක ගුවන් තොටුපලට පැමිණි වී එච් වී සී අයි නැමති විශේෂ ගුවන් යානයෙන්. නිතිවිරෝධී ලෙස ඔස්ටේ්රලියාව වෙත ගොස් සිටි ඔවුන් පිටුවහල් කිරිමටයි එරට බලධාරින් කටයුතු කළේ.
ඔවුන්ගේ ආරක්ෂාවට ඔස්ටේ්රලියා ආරක්ෂක නිලධාරින් පිරිසක් ද ගුවන් යානයෙන් පැමිණ තිබෙනවා. ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් භාරගත් ඔවුන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදි ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.