ඉන්දු පාකිස්ථාන දේශසීමාවේ සිදුවූ වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් තුන් දෙනෙකු හා ඉන්දීය සෙබලුන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පාකිස්තානය පවසනවා.
කෙසේ වෙතත් ඉන්දියාව එම ප්රකාශය ප්රතික්ෂේප කරනවා. කාශ්මීරය සතු විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීන්දුව හෙලා දකිමින් පාකිස්ථානය පුරා උද්ඝෝෂණ ද පැවැත්වුණා. ලාහෝර් නුවර පැවැත්වූ එක් විරෝධතාවකදී ඔවුන් ප්රකාශ කළේ ඉන්දීය නිදහස් දිනය අදුරු දිනයක් බවයි.
කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් තීන්දුව පිළිබදව සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කමිටුව අද (16) රැස්වනවා. ජම්මු කාශ්මීරයේ ගැටුම් ඇතිවන ආකාරයේ කිසිදු පියවරක් නොගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ඉල්ලා සිටියා.