fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය එක්වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 12:04

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය එක්වෙයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ රාමඤ්ඤ මහා නිකාය එක් කෙරෙන සම්මුතියට අද අත්සන් තැබෙනවා. කොළඹදී උත්සවය පැවැත්වෙන්නේ දෙපාර්ශ්වයේ මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

සම්මුතියට අත්සන් තැබීමෙන් පසු මෙම නිකායන් ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ලෙස පෙනී සිටිනු ඇති.

මේ අතර අමරපුර – රාමඤ්ඤ නිකායයන් එක්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවුඩයක් නිකුත්කර තිබෙනවා.

මෙම නිකායයන් දෙකම බෞද්ධ පුනරුදය උදෙසා ඉටුකළ කාර්ය භාරය සදා අනුස්මරණීය බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. එදා මෙදා තුර ජාතික නායකයන්ට මගපෙන්වීමට ද උන්වහන්සේ ක්‍රියා කළා.

මෙම එක්වීමද නූතන බෞද්ධ පුනරුදයේ නව ගමනක ඇරඹුම සදහා ද මහගු පිටිවහලක් වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුම් පණිවුඩය තුළින් තවදුරටත් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්