fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ නව දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 11:56

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ නව දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවුණා.

නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් ත්‍රිකුණාමලය නෝර්වේ දූපත අසළ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ නීතිවිරෝධී දැල් භාවිත කර මසුන් ඇල්ලීම හේතුවෙන්.

ඩිංගි යාත්‍රාවක්,  පිටත දහන යන්ත්‍රයක් සහ තහනම් දැලක් ද සොයා ගැනුනා.  සැකකරුවන් 22 සහ 46  වයස්වල පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් ධීවර ආම්පන්න සමග ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්