එංගලන්ත ඕස්ට්‍රේලියා දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද
Related Articles
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ (15) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 30ක් ලබා සිටියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය සියලු දෙනා දැවි ලකුණු 258ක් රැස් කළා. ජොනි බෙයාර්ස්ටොව් ලකුණු 52ක් ලබා ගත්තා. පන්දුයැවිමේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පැට් කමින්ස්, ජොෂ් හෙසල්වුඩ් සහ නෙදන් ලියෝන් කඩුලු 03 බැගින් බිද හෙලුවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාව මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 228ක් පිටුපසින් පසුවනවා.