fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බලය බෙදාහැරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ එජාප කැපවීම

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 14:28

බලය බෙදාහැරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ එජාප කැපවීම

ව්‍යවස්ථාදායක මණ්ඩලය යෝජනාකර ඇති බලය බෙදා හැරීම සදහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට එක්සත් ජාතික පක්ෂය සෑමවිටම කැපවී ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනය ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන ව්‍යාපෘති රැසක කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

සියලු පහසුකම් සහිතව යාපනය නගරය සංවර්ධනය කිරීම සදහා අවශ්‍ය පසුබිම සැකසීම අග්‍රාමාත්‍යවරයාගේ යාපනය සංචාරයේ අරමුණයි. ඉදිරි වසර පහ තුළ යාපනය නගරය තුළ ආර්ථික ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණෙන් මේ වනවිටත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වනවා. යාපනය ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන කටයුතු අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඕනෑම ජන වර්ගයකට අභිමානයෙන් ජීවත් වියහැකි පරිසරයක් නිර්මාණය කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, මාවෙයි සේනාධිරාජා, එම් ඒ සුමන්තිරන්, ශ්‍රී සරවනභවන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්