fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාදම්පිටිය ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 10:10

මාදම්පිටිය ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ග‍්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය සුසාන භූමිය අසල දි තියුණු ආයුධ වලින් පහරදි දෙදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ විමර්ශනයකින්.

කඩු දෙකක් ද සොයා ගැනුණා. ඝාතනය සිදුවුණේ ඊයේ පස්වරුවේ.

ති‍්‍රරෝද රථයකින් පැමිණි හතර දෙනෙකු අවමංගල්‍ය කටයුත්තකට සහභාගිවීම සදහා සුසාන භූමියට පැමිණ සිටි දෙදෙනෙකුට මන්නා පිහි වලින් පහරදි ඝාතනය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඝාතනයට ලක්වූ එක් අයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ආනමාළු රංග නමින් ප‍්‍රකටව සිටි අයෙකු බවයි හෙළිව තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2019 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්