ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ ස්ථානයක් වැටලීමෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිඟුරක්ගොඩ රජඇල ප්‍රදේශයේදී. පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයයි වැටලීම සිදුකළේ.
සැකකරු පොලිස් සහතික, අධ්‍යාපන සහතික, රියදුරු බලපත්‍ර, උසාවි ලිපි ලේඛන, ඉඩම් ඔප්පු වලට අදාළ ලිපි ලේඛන, වෛද්‍ය විභාග සහ ග්‍රාම සේවක සහතික ව්‍යාජව සකස් කර ඇති බවටයි තොරතුරු හෙළීවුණේ.
එම ස්ථානයේ තිබී රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්ට අයත් ව්‍යාජ නිල මුද්‍රා 86 ක් ද සොයා ගැනුණා. 51 හැවිරිදි සැකකරු හිඟුරක්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.