හබරන දඹුලු පාරේ කුඩා මීගස්වැව ප්රදේශයේදී ටිපර් රථයක් වෑන් රථයක ගැටීමෙන් තුන් දෙනෙකු මියගියා. වෑන් රථ රියදුරා සහ කාන්තාවන් දෙදෙනෙකු ඒ අතර වන බවයි පොලීසිය පවසන්නේ.
අනතුරෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා කාන්තාව මහනුවර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්වුණේ පොළොන්නරුව සිට දඹුල්ල දෙසට ධාවනයවූ වැලි ප්රවාහන ටිපර් රථයක් සහ ඉදිරියෙන් පැමිණි වෑන් රථයක්.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැණුනා.
රියදුරන් දෙදෙනාගේ අපරීක්ෂාකාරී බව අනතුරට හේතුවී ඇති බවයි මූලික පරීක්ෂණ වලින් හෙළිවුණේ.