fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණ පරපුර සමග නෛතික සමාජ ගිවිසුමක් – තරුණයින්ගේ බලාපොරොත්තු ඉටු කරන යුගයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 19:01

තරුණ පරපුර සමග නෛතික සමාජ ගිවිසුමක් – තරුණයින්ගේ බලාපොරොත්තු ඉටු කරන යුගයක්

තරුණ පරපුර සමග නෛතික සමාජ ගිවිසුමක් අත්සන් කර ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන යුගයක් තමන් ඉදිරියේදී ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට රන්දුනුවත්ත ප්‍රදේශයේ ඉදිකළ සරුතුරුලිය, සොබා නිල්ලගම සහ සාරහරිතගම යන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකර ඇති මෙම ගම්මාන සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 636ක්.

නිවාස 71 ක් මේ යටතේ ඉදිකර තිබෙනවා. ප්‍රතිලාභීන් සඳහා විසිරි නිවාස ණය හා සෙවණ නිවාස ආධාර ලබා දීම ද මෙහිදී සිදුකෙරුණා.

සංචාරක පොඩ්ඩා වැඩසටහන යටතේ 28 දෙනෙකු සඳහා රුපියල් ලක්‍ෂ 140 ක බදු රහිත ණය ප්‍රදානයක් ද සිදුකෙරුණේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

දෙඹරවැව ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායම සඳහා රුපියල් ලක්‍ෂයක් වටිනා නිල ඇඳුම් කට්ටල ප්‍රදානයක් ද සිදුකෙරුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්