fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා ජාතික ස්වෙච්ඡා සේවයේ මෙහෙයුම් කාර්යාලය දැන් විවෘතයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 19:00

ශ්‍රී ලංකා ජාතික ස්වෙච්ඡා සේවයේ මෙහෙයුම් කාර්යාලය දැන් විවෘතයි

ශ්‍රී ලංකා ජාතික ස්වෙච්ඡා සේවයේ මෙහෙයුම් කාර්යාලය මහරගම තරුණසේවා මධ්‍යස්ථානයේදී විවෘත කෙරුණා.

ජාතික ස්වෙච්ඡා සේවයේ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණේ ජාතික තරුණසේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආගමික වතාවත් මධ්‍යයයේ එම කටයුතු සිදුවූ අතර තරුණසේවා සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

අවුරුදු 15ත් 29 ත් අතර තරුණ තරුණියන්ට මෙම ස්වෙච්ඡා සේවයට එක්විය හැකියි.

ඔවුන්ගේ සේවය ඇගයීමට ලක්කර පදක්කම් ලබා දීමට කටයුතු යොදා ඇති බවයි ජාතික තරුණසේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් ලියනගේ මහතා මෙහිදී සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 15, 2019 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්